බැටරි දුම්රියේ කතාව - Wabtec's BEL GECX 3000

YouTube වීඩියෝව නැරඹීමට
 රූපය මත ක්ලික් කරන්න.
මෙහි BEL යන්නෙහි තේරුම Battery Electric Locomotive වන අතර, Wabtec හා BNSF සමාගම් එක්ව මෙම ව්‍යාපෘතිය 2018 දී ආරම්භ කර ඇත. 

මෙම දුම්රිය 100% බැටරි මගින් ධාවනය වන භාන්ඩ ප්‍රවාහන දුම්රියකි.

මෙම දුම්රිය සඳහා රාක්ක 20ක කෝෂ 20,000 ක් පමණ යොදාගෙන විශාල බැටරියක් යොදාගෙන ඇත.

බැටරි තාක්ෂණය වන්නේ ලිතියම් අයන බැටරි තාක්ෂණයයි.

මෙම විශාල බැටරිය මගින් කිලෝ වොට් පැය 2400 ක් පමණ උත්පාදනය කිරීමට නියමිතය.

සාමාන්‍ය විද්‍යුත් මෝටර් රථ ආරෝපණය කරන පරිදි මෙම දුම්රිය එන්ජිම ආරෝපණය කල හැකි අතරම තිරිංග (dynamic braking) යොදන විට අපතේ යන විද්‍යුත් ශක්තියෙන් ද ආරෝපණය කළ හැකිය.

මෙම බැටරි සිසිල් කිරීමට HVAC පද්දතියක් අඩංගු වන අතර EMS පද්දතිය මගින් (Energy Management System) බැටරිය නිරීක්ෂණය කරයි.

වැඩි විස්තර සඳහා වෙබ් පිටුවට යෑමට ක්ලික් කරන්න

එමෙන්ම trip optimizer උපාංගය මගින් දුම්රියේ කාර්යක්ෂමතාවය ඉහළ නංවයි.

දුම්රියේ උපරිම ප්‍රතිධානය අශ්ව බල 4400 පමණ වන අතර එම ප්‍රතිධානය යටතේ බැටරි මගින් පැය භාගයක කාලයක් දුම්රිය ධාවනය කල හැකිය.

බැටරි මගින් ධාවනය වන කාලය සාපේක්ෂව ඉතා කුඩා බැවින් මෙම දුම්රිය එන්ජිම තවත් ඩීසල් එන්ජිමක් සමග ධාවනය කල යුතුය.

YouTube වීඩියෝව නැරඹීමට
 රූපය මත ක්ලික් කරන්න.

මෙහි උපරිම වේගය පැයට සැතපුම් 75 කි; පැයට කිලෝමීටර 121ක් පමණ වේ.

දුම්රිය සතුව ඇක්සල 6ක් ඇති අතර, බලය සැපයෙනුයේ ඇක්සල 4කට පමණි.

මෙම දුම්රිය නිෂ්පාදකයන්ගේ බලාපොරොත්තුව 10% පමණ විමෝචනය අවම කිරීමයි.

ටොන් 207  පමණ බරැති දුම්රියක් තිරිංග යෙදීමේදී අවුරුද්දකදී අපතේ යන ශක්තිය, අවුරුද්දකදී නිවාස 160ක් පමණ පරිභෝජනය කරන ශක්තියට සමාන වේ.

එමෙන්ම එක් දුම්රිය එන්ජිමක විමෝචන ධාරිතාව සාමාන්‍ය මෝටර් රථ 2600කට පමණ ආසන්නව සමාන වේ.


YouTube වීඩියෝව නැරඹීමට
 රූපය මත ක්ලික් කරන්න.

දෙමුහුන් දුම්රිය එන්ජිමේ කතාව 

Comments